News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ඉහළට - ගෑස් විදුලි මිල නැවත ඉහළ යනු ඇත

2017 Feb 16

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගුණවර්ධන මහතා පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල පහත වැටෙමින් ඇති බැවින් එහි වාසිය රජය විසින් මේ රටේ ජනතාවට ලබා දිය යුතු බවයි.

 
නමුත්, ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ක්‍රමිකව ඉහළ යමින් තිබේ.  පසුගිය මාසයේ ඔපෙක් සංවිධානයේ තීරණ ඒ සදහා ආසන්නම හේතුවයි.   ශ්‍රී ලංකාවේ නාගරික සහ අර්ධ නාගරික කලාපයේ දෛනිකව භාවිත වල එල්පී ගෑස් (ගෘහස්ත ගෑස්) මිල හා විදුලි මිල ඉහළ නැගීමට එය හේතු විය හැකිය. 


2016 පෙබරවාරි මස ගැස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 306 ක් වූ අතර එය 2016 අගෝස්තු මස වන විට ඩොලර් 288 ක් විය.  2017 පෙබරවාරි මස ලෝක වෙළෙදපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 573 කි.  ඒ අනුව, පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව ලෝක වෙළෙදපොලේ ගෑස් මිල 50% කින් ඉහළ ගොස් ඇත.  


ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ඉහළ යාම අනුව කෙටි කලක් තුල ලංකාවේ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවීම අනිවාර්ය අවශ්‍යතාවයකි.  


විශේෂයෙන්ම විදුලි මාෆියාව හේතුවෙන් ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවන ශ්‍රී ලංකා වැසියන්ට සෑම විටම ගෘහස්ත විදුලි ඒකක ප්‍රමාණය පහත මට්ටමක පවත්වා ගැනීම සදහා ගෑස් පාරිභෝජනයට පෙළඹෙමින් සිටී. 

ලෝක වෙළෙදපොලේ ගෑස් මිල 
කාලය                            මෙට්‍රික් ටොන් එකක මිල
2016 පෙබරවාරි                306
මැයි                               363
අගෝස්තු                         288
නොවැම්බර්                      425
2017 ජනවාරි                    477
2017 පෙබරවාරි                573

Center for Human Rights and Research හි Sri Lanka Economic Forum ව්‍යාපෘතියේ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන
 

Search News & Updates
Keyword
Date
Date