News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සිංහල සහ ඉංග්‍රිසි පමණ ද?

2017 Jan 10

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ මං තීරු වෙනස් කිරීමේ පුවරු වල සිංහලෙන් පමණක් තොරතුරු සඳහන් වීම පිළිබඳව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය විසින් වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වනවිට  එම ඇතැම් පුවරු සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා වලින් පමණක් සඳහන්  කිරීමට කටයුතු කර තිබේ. නමුත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සඳහන් වී ඇත්තේ සිංහල සහ දමිළ රාජ්‍ය භාෂාව  බවය. ඉංග්‍රීසි යනු සම්බන්ධිකරණ භාෂාවයි. නමුත් රාජගිරිය වැලිකඩ මංසන්ධියේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස  කළ ඉල්ලීමට මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිචාර දක්වා ඇත්තේ එම පුවරු සිංහල සහ ඉංග්‍රීසි ලෙස වෙනස් කිරීමෙනි. මේ අනුව වැටහෙන කාරණාව වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ නිවැරදි වැටහීමක නොසිටින බවයි. මේ පිලිබඳව යළි පෙන්වා දෙමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (10)  මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.සී දිසානායක මහතා වෙත යළි ලිපියක් යොමු කළේය.
එමි ලිපිය පහතින් දැක්වෙන අතර ඒ සඳහා පුළුල්  ප්‍රචාරයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලමු.


2017 ජනවාරි මස 10 වැනිදා අඟහරුවාදා

ඩී. සී දිසානායක මහතා
ලේකම්තුමා,
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය
බත්තරමුල්ල

රාජ්‍ය  භාෂා  ප්‍රතිපත්තිය  උල්ලංඝනය  කරමින්  රාජගිරියේ  ප්‍රදර්ශනය  කරන  මාර්ග  සලකුණු සම්බන්ධයෙනි.
මහජනතාව දැනුවත් කිරීමේ පුවරු සිංහල භාෂාවෙන් පමණක් සඳහන් වන බව පෙන්වා දෙමින් මීට ඉහත 2017 ජනවාරි 04 වන දින  ඔබ අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියට ද පිටපත් සහිතව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය යොමු කළ ලිපියට මේ වනතෙක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිසි ප්‍රතිචාර දක්වා නොමැත. (අදාළ ලිපිය මේ සමග අමුණා ඇත)
ඒ වෙනුවට එතෙක් සිංහල භාෂාවෙන් පමණක් සඳහන් වූ ඇතැම් පුවරු වල පමණක් ඉංග්‍රිසි භාෂාවෙන් තොරතුරු සඳහන් කිරීම සිදුකර තිබේ. එම ක්‍රියාව යම් මට්ටමක සාධනීය එකක් වුව ද , දමිළ භාෂාවෙන් මෙම මං තීරු වෙනස් වීම පිළිබඳ සඳහන් නොවීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බරපතල ලෙස උල්ලංගනය කිරීමක් බව දන්වා සිටිමු.
විශේෂයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නීතිගත කළ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පිහිටි වැලිකඩ මං සන්ධියේ වත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුගමනය නොකිරීම රාජ්‍ය සේවකයින් ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමකි. 
මේ  පිළිබදව සොයා බලා මේ වන විටත් දැඩි අපහසුතාවකට පත්ව සිටින මහා මාර්ගය භාවිත කරන පිරිසට සහනයක් වීම සදහා  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව මාර්ග පුවරු සවි කිරීමට කටයුතු කරන මෙන්  ‘රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය‘ කාරුණිකව ඉල්ලා සිටී.  

ස්තුතියි 
මීට 
විශ්වාසී 


අරවින්ද ඉන්ද්‍රජිත්                           අහමඩ් මනාස්         නඩරාජන් කිරුබා


 පිටපත් -   ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා
               ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශය
 

Search News & Updates
Keyword
Date
Date