News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංගනය කරමින් වැලිකඩ මාර්ග උපදෙස් සිංහලෙන් පමණයි

2017 Jan 04

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ අළුතින් ඉදිවන ගුවන් පාලම නිසා මේ වන විට මං තීරු වෙනස් කර ඇති අතර ඒ පිළිබඳව දන්වා ඇති පුවරු සියල්ලම සිංහල භාෂාවෙන් පමණක් තොරතුරු සඳහන් කිරීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලගනය වී ඇති බව දන්වමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙත ලිපියක් යොමු කළේය.

මාර්ග සංවර්ධන අධිකාරිය, රථවාහන පොලිස් මූලස්ථානය සහ අදාල ඉදිකිරීම් භාර ඇක්සස් සමාගමටද පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය පහතින් දැක්වෙයි.

 

 

 

 

2017 ජනවාරි මස 02 වැනිදා සඳුදා

 

මනෝ ගනේෂන් මහතා

ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය

ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය

අංක 40 බුත්ගමුව පාර

රාජගිරිය

 

ගරු අමාත්‍යතුමනි

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංගනය කරමින් වැලිකඩ මාර්ග උපදෙස් සිංහල භාෂාවෙන් පමණක් ප්‍රදර්ශනය කිරීම

       රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ අළුතින් ඉදිවන ගුවන් පාලම නිසා මේ වන විට මං තීරු වෙනස් කර ඇති අතර ඒ පිළිබඳව දන්වා ඇති පුවරු සියල්ලම සිංහල භාෂාවෙන් පමණක් තොරතුරු සඳහන් කර තිබේ. මේ ආකාරයට එක් භාෂාවකින් පමණක් තොරතුරු සඳහන් වීම  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට පටහැනි ක්‍රියාවකි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නීති ගත කල පාර්ලිමේන්තුවට පිවිසෙන  පාර්ලිමේන්තු මාර්ගයේ  පවා මේ ආකාරයට එම ප්‍රතිපත්තිය රැකගැනීමට අපොහොසත් වීම අවාසානාවන්ත  තත්වයකි.

         රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රේඛීය අමාත්‍යංශය  පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේම වන බැවින් මෙය  ඉතා අශෝබන පුර්වාදර්ශයකි. එමෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව දක්වා ගමන් කරන්නේ ද මෙම මාර්ගය ඔස්සේය. නමුත්  සිංහල භාෂාවෙන් පමණක් මාර්ග උපදෙස් සපයා ඇති මෙම පුවරු මේ කිසිවෙකුගේ ලක්ව නොමැත.

         මේ පිළිබඳව කාරුණික අවධානය යොමු කර මෙම  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන  මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මීට

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන්,

අරවින්ද ඉන්ද්‍රජිත්                                     අහමඩ් මනාස්                                 නඩරාජන් කිරුබා

 

පිටපත් - මාර්ග සංවර්ධන අධිකාරිය

              රථවාහන පොලිසිය - වැලිකඩ

              ඇක්සස්  ඉංජිනේරු  සමාගම

Search News & Updates
Keyword
Date
Date