News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

අතුරුදහන්වූවන් සොයන පනත ගාලගෝට්ටියක් මැද සම්මතයි

2016 Aug 12

අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ නව මහලේකම් කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වන පනත ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේ සංශෝධනවලට යටත්ව සම්මත වී තිබේ.

අදාළ පනත පිළිබඳ කාරක සභා විවාදය අතරතුරදී ජවිපෙ විසින් ගෙන එන ලද සංශෝධන පනතට එකතු කරන බවට වන එකඟතාව සහිතව ඡන්ද විමසීමකින් තොරව පනත සම්මත කරගත් බව වාර්තාකරු පවසයි.

මෙම පනත හදිසියේ නොගෙන ආ යුතු බව මෙන්ම ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බවටත් යෝජනා කරමින් ඒකාබද්ධ විපක්ෂය පනතට එරෙහිව දැඩි විරෝධයපෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් එකී උණුසුම මධ්‍යයේම සංශෝධන සහිතව පනත සම්මතවූ බව අප වාර්තාකරු කියා සිටියි.

(වීඩියෝව පහතින් නරඹන්න)

Search News & Updates
Keyword
Date
Date