News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

2016 Aug 10

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම උදෙසා දේශපාලන තීන්දුවක් ගන්නා ලෙස ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් පසුගියදා  උදෑසන වැලිකඩ බන්ධනාගාර මූලස්ථානය ඉදිරියේදී පැවැත්විණි.

මිට සමගාමිව සිරකරුවන්ගේ ඥාතීන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් යාපනය බස් නැවතුම්පොළ ඉදිරියේද විරෝධතාවක් පැවති බව වාර්තා වේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්. සත්‍යවේල් පියතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කරේ " අදට දේශපාලන සිරකරුවන් වෙලා හිටපු නිමල රූබන් සහ දිල්රුක්ශාන් මරා දාල අවුරුදු හතරක් වෙනවා. පහුගිය ආණ්ඩුව කිව්වා යුද්ධය ඉවර කරා කියලා. මේ ආණ්ඩුව කියනවා ආපහු යුද්ධයක් ඇතිවෙන්න දෙන්නෙ නෑ කියලා. ඒත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම ඔවුන් ප්‍රමාද කරමින් ඉන්නවා. ජනාධිපතිවරයා තමන්ට ලකුණු දාගැනීම සඳහා ජෙනිවන්ව පමණක් නිදහස් කරා. පහුගිය කාලේ දේශපාලන සිරකරුවන් තමන් නිදහස් කරන ලෙස ඉල්ල උපවාස කරන වෙලාවේ විපක්ෂ නායකවරයා ඇවිල්ලා ඔවුන් නිදහස් කරන බවට බොරු පොරොන්දු දුන්නා. විශේෂ අධිකරණයක් පිහිටුවනවා කිව්වත් ඒ අධිකරණය ක්‍රියා කරන්නේ සාමාන්‍ය අධිකරණයක් වගේ. දේශපාලන සිරකරුවන්ට සමාවක් අවශ්‍ය නැහැ. ඔවුන්ව කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි. එදා වෙල්ලමුල්ලිවයික්කාල් සිදුවූ ජනසංහාරය අද වෙනස් ලෙස සිද්ධ වෙනවා. අද පුනරුත්ථාපන වුණු සිරකරුවනුත් අබිරහස් ලෙස මිය යනවා. උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීම ඇරඹිය යුත්තේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට දේශපාලන තීන්දුවක් ගැනීමෙන්. "

උපුටා ගැනීම- සත්හඩ

Search News & Updates
Keyword
Date
Date