News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

මානව අයිතීන් කඩවීම් ගැන පරීක්ෂණ ප්‍රමාදයි !

2016 May 18

ලලිත් සහ කුගන් යන දේශපාලන ක්‍රියාධරයින් අතුරුදන්වීමේ සිදුවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇඟ බේරාගැනීමක නිරත වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ස්වාධීන රූපවාහිනියේ “කවුද ඇත්ත කියන්නේ ?“ සජීවී සංවාදාත්මක වැඩසටහනට එක් වෙමින්  මේ බව  පැවසීය.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා,
“යාපනයේ දේශපාලනය කරමින් හිටපු ලලිත් සහ කුගන් අතුරුදන් වුනා. මේ සිදුවීමට දවස් කීපයකට පස්සේ ,එවකට හිටපු ආරක්ෂක ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා, ලලිත් කුගන් අතුරුදන් වෙලා නෑ හමුදා භාරයේ ඉන්නවා කියලා. මේ හමුදා භාරයේ ඉන්නවා කියලා අතිශය විශ්වාසනීය විදිහට කිව්ව මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ගැන අහන්න උසාවියට ගේන්න අවස්තා 4ක් ගතවුනා. පස්සේ ඔහු උසාවියට ගිහිල්ලා සාක්ෂි දීලා කිව්වා මොවුන් ජීවතුන් අතර හිටියා කියලා මට කිව්වේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.ඒ සාක්ෂිය උසාවියේ දිලා එළියට ඇවිල්ලා ඔහු කියනවා ජනමාධ්‍යෙව්දීන්ට “මගේ වැඩේ දැන් ඉවරයි“ කියලා.එතකොට අර ලලිත් කුගන් ලා ගේ ජීවිත වලට වග කියන්නේ කවුද?උසාවියෙන් කවද්ද ඊළගට අහන්නේ මේ කතාව ඔබට කිව්වේ ලක්ෂමන් හුලුගල්ල ද? එහෙම නැත්තං අහවල් හමුදා නිලධාරියා ද? අච්චුවේලි පොලිසියේ පොලිස්ථානාධිපති වරයා ද,එහෙම නැත්තං වෙන පුද්ගලයෙක්ද කියලා මේක අහන්නේ කවද ද? මේ විදිහට තමයි අද දූෂණ වංචා ගැනත් නඩු අහන්නේ. මේ විදිහේ තව සිදුවීම් තියෙනවා. පහුගිය රාජපක්ෂ රජය ඇතුලේ සිදුවුන ම්ලේච්ඡම දේ තමයි වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකෙරුනු සංහාරය.තෝරාගත්ත සිරකරුවෝ හොයලා හොයලා ගිහිල්ලා අර කඩු වලට සම්බන්ධ සිරකරුවෝ, කෝට්ටේ පන්සලේ ස්වාමීන් වහන්සේලා දෙදෙනාගේ ඝාතනය ආදී එවාට නම් ගෑවිච්ච පුද්ගලයෝ, හොයාගෙන  ගිහිල්ලා නම් කියලා පිස්තෝලෙන් වෙඩි තියලා මරලා දාපු එක ගැන තවමත් ජීවමාන සාක්ෂී තියෙනවා පිංතූර තියෙනවා ඒත් මේ ගැන හදපු රිපොර්ට් දෙකක්ම  තියෙනවා. එකක් මානව හිමිකම් කොමිසමෙන් , අනික් එක මේ ආණ්ඩුව බලයට පත්වුනාම අධිකරණ අමාතංශයෙන් කරපු වාර්තාව.මේ අධිකරණ අමාත්‍යංශයෙන් කරපු රිපොර්ට් එක තාම තියෙන්නේ අධිකරණ අමාත්‍යතුමාගේ සේප්පුව ඇතුළේ,

එම වීඩියෝව පහතින් නරඹන්න

Search News & Updates
Keyword
Date
Date