News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

“ආණ්ඩුවට ප්‍රතිපත්ති දේශපාලනය අමතක වෙලා “

2016 Apr 29

ජනපති මුතුහෙට්ටිගමට ඇමතිකම් දුන්නේ වදුරඹ ගැන අමතවී නොවන බවත්, හිරියාලේ චණ්ඩියාට, පුත්තලමේ චණ්ඩියාට, අක්කරේපත්තු චණ්ඩියාට, කාත්තන්කුඩි චණ්ඩියාටත් වරදාන දෙන්නේ නොදැන හෝ අමතක වීමකින් නොවන බවත්, එය ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ  රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ලක්ෂමන් විජේසේකර ප්‍ර‍මුඛ අලුත් පරපුර සංවිධානයේ සාමාජිකයින්ට කුරුණෑගල කුඹුක්කැටේ දී ප්‍ර‍හාරයක් එල්ල කළ එජනිස පළාත් සභා මන්ත්‍රීවරයාට හිරියාල ආසන සංවිධායක ධූරය ලබාදීමට එරෙහිව අද (29) මරදාන සී.එස්.ආර්. හි පැවැති මාධ්‍ය හමුවකදීය

ඔහු එහිදී මෙසේද කියා සිටියේය.

“ චණ්ඩි, හොරු, මැරයෝ, දුෂිතයෝ තනතුරු ගන්න යහපාලන ආණ්ඩුවට පනින්නේ ඔවුන්ට විරුද්ධව තියෙන පැමිණිලි යට ගහන්නයි. 2015 ජනාධිපතිවරණය දුෂණය, රාජ්‍ය සම්පත් අවභාවිය, පවුල් පාලනය සහ භීෂණයට එරෙහිව ජනතා ප්‍ර‍තිපත්ති මත සිදු වූ ජනතා නැගිටීමක් බව බොහෝ දෙනාගේ මතයයි. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පොදු අපේකෂකයාට සහාය දුන්න බොහෝ දෙනෙකුට සිද්ධ වුනේ ගුටි කන්න. ඒ මැරකම් සිදු කරපු බොහෝ දෙනා දැන් එකා පිටිපස්සේ එකා බැගින් ආණ්ඩුවට එකතු වෙනවා."

“ වදුරඹ වේදිකා ගිණි තියපු මන්ත්‍රී අද නියෝජ්‍ය ඇමති, හම්බන්තොට ගහපු අය අද සංවිධායකලා, පුත්තලම, අක්කරේපත්තු, කුරුණෑගල, මහියංගන ගහපු අය මන්ත්‍රී, ආසන සංවිධායකලා. මේ ලැයිස්තුවට අලුතෙන්ම එකතු වුනේ අලුත් පරපුරට කුඹුක්කැටේ දී ගහපු හිරියාල පළාත් සභා චණ්ඩියාට ආසන සංවිධායක ධූරයක් ලබාදීමයි. කුඹුක්කකැටේ ගහලා පැය තුනක් යනකල් කුරුණෑගලට ඇවිත් පොලිස් පැමිණිල්ලක් දානන බැරි වුණා.”

"අද යහපාලන ආණ්ඩුවට 2015 කිව්ව ප්‍ර‍තිපත්ති දේශපාලනය අමතක වෙලා බල දේශපාලනය වෙනුවෙන් ලැජ්ජා නැති දේශපාලනයට ප්‍ර‍විශ්ඨ වෙලා තියෙනවා. අපි එදා තිබුණ මර්ධනය එරෙහිව හඩ නැගුවා. ඒ මර්ධනය පරාජය කලා. අදත් ඒ ගැන දුකක් නෑ. එදා කළා වගේම අදත් මේ හොර නඩයට වරප්‍ර‍සාද ලබාදීමට අපි විරුද්ධයි.
මේ චන්ඩි, හොරු, මැරයෝ, දුෂිතයෝ තනතුරු ගන්න යහපාලන ආණ්ඩුවට පනින්නේ ඔවුන්ට විරුද්ධව තියෙන පැමිණිලි යට ගහන්නයි. මේ ආණ්ඩුවේ ඉන්න ඇමති හොරුන්ට විරුද්ධ පරීක්ෂණ නෑ. වදුරඹ ගිණි තියපු එකේ පරීක්ෂණ මන්දගාමීයි. දැන් ඒ මදිවාට කුඹුක්කැටේ ගහපු චන්ඩියාට ආසන සංවිධාකයකම් දෙනවා. ජනාධිපතිතුමාට අමතක වෙලා තවමත් අලුත් පරපුර එයා සංවිධායකකම් දෙන මිනිහට විරුද්ධව අතින් වියදම් කරගෙන ගිහින් නඩු කියනවා කියලා.”

Search News & Updates
Keyword
Date
Date