News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

Start the process of repealing the PTA in parallel to the Detainees release

2015 Oct 20

ද්‍රවිඩ රැදවියන් නිදහස් කිරීමට සමගාමීව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර ගන්න- කැෆේ සහ මානව හිමිකම්  සංවිධානය ඉල්ලයි

ද්‍රවිඩ ජාතික රැදවියන් නිදහස් කිරීමට සමගාමීව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අන්තර්ජාතික ත්‍රස්ත ක්‍රියා මැඩලීමේ නිර්නායකයන්ට අනුකූලව අහෝසි කොට දැමීමට හෝ සංශෝධනය කිරීමට පියවර ගතයුතු යැයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

හිටපු එල්.ටී.ටී.ඊ. රැදවියන් බන්ධනාගාර ගණනාවක උපවාස ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යන මහත්වරු රැදවුම් භාරයේ සිටින රැදවියන්ගෙන් කොටසක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. මේ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවරා නොමැති නමුත් දීර්ඝ කලක් රැදවුම් භාරයේ පසුවන සිරකරුවන්ගෙන් කොටසක් පමණක් නිදහස් කිරීමට නියමිතය. රජයේ තීරණය පිළිබද කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සතුට පළ කරන අතර මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට ඒ හා සමගාවීම කටයුතු කළ යුතු යැයි බල කර සිටී.

 

පසුගිය අගෝස්තු 27 වැනිදා කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සදහා වන මහජන ව්‍යාපාරය ආරම්භ කළේය.  එවිට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම රජයේ දැන් ප්‍ර‍මුඛත්වය නොවන බවයි. (http://www.dailymirror.lk/85187/no-repeal-of-pta-at-present) නමුත් රජයට අභ්‍යන්තරව සහ විදේශීයව එල්ලවන බලපෑම් හමුවේ තම ප්‍රතිපත්තිය පිළිබද නැවත සිතා බැලීමට ඉදිරිපත් වීම පිළිබද අප අතිශයින් සතුටට පත්වන්නෙමු.

 

මෙරට බොහෝ දේශපාලන පක්ෂ පාහේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුය හෝ සංශෝධනය කළ යුතුය යන මතයට එළඹී තිබීම සතුටකි. දේශපාලන සිරකරුවන්ගේ උපවාසයෙන් දේශපාලන වාසි ලබාගැනීමට බොහෝ දේශපාලඥයින් උත්සාහ දරන ආකාරය මේ දිනවල දැකගත හැකිය. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම අතිශයින් වැදගත් කාර්යයක් වන අතර ඔවුන් රදවා සිටින මර්දනකාරී නීතිය අහෝසි කොට මෙම ප්‍රශ්ණයට ස්ථිර විසදුම් ලබාගත යුතුය. අවාසනාවන්ත තත්වය නම් රජය හෝ විපක්ෂයේ දේශපාලඥයන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සදහා වන ව්‍යවස්ථාමය ප්‍රවේශය වගකීම් සහගත සහ ප්‍රතිඵලදායී ලෙස ග්‍රහණය කර නොතිබීමයි.

 

සමහර දේශපාලඥයන් මෙම රැදවියන්ට කොන්දේසි විරහිත පූර්ණ නිදහස ලබාදිය යුතු යැයි හඩ නගන නමුත් අප සැමවිටම පෙනී සිටින්නේ කොන්දේසි විරහිත පූර්ණ නිදහස නොව අපරාධයන් සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන අධිකරණමය ක්‍රියාමාර්ගය වේගවත් කරන ලෙස හා තවම චෝදනා ගොනු කොට නොමැති පිරිස් නිදහස් කරන ලෙසය. මනුෂ්‍යත්වයට නොගැලපෙන අපරාධ සිදුකළ පුද්ගලයන්ට නිශ්චිත ලෙසම නීති මගින් දඩුවම් හිමිවිය යුතුය. නමුත් කිසිදු සාධාරණ හේතුවකින් තොරව නඩු දික්ගැස්සීම තුළ ඔවුනට සිදුවන අසාධාරණය වැලැක්විය යුතුව ඇත. අපරාධ සදහා දඩුවම් දීම සංහිදියාව හා වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉටු කළ යුතු අනිවාර්යවූ කොන්දේසියක් වේ.

 

උපවාසයට එක්වී සිටින විශාල පිරිසක් මේ වන විටත් වසර දහයකට වඩා වැඩි කාලයක් රැදවුම් නියෝග මත සිරගතව සිටී. ඔවුන්   රිමාන්ඩ් ගතව සිටි කාලසීමාව පිළිබදව සලකා කටයුතු කිරීමේ හැකියාවක්ද නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ වෙත පවතී. අවුරුදු 18ක් 19ක කාලයක් රැදවුම් භාරයේ සිටින පුද්ගලයින් පස් දෙනෙකි. ඔවුන්ගෙන් එක් අයෙක් 1996 අත්අඩංගුවට පත්වූ අතර සිව් දෙනෙක් 1997 දී අත්අඩංගුවට පත්විය. අවුරුදු 17ක් රැදවුම්භාරයේ පසුව පුද්ගලයකුගේ නඩුව තවමත් මහාධිකරණයේ විභාග වෙමින් පවතී. 2014 වසරේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 22දෙදෙනා අතරින් 20 දෙනෙකුටම තවමත් චෝදනා ගොනුකර නැත. මොවුන් අතර හිටපු ළමා සොල්දාදුවන්ද වේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලහත්කාරයෙන් බදවාගත් ළමා සෙබළු ද වෙති. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබන පුද්ගලයෙක් පවා යහපත් කල් ක්‍රියාවෙන් පසුවන්නේනම් අවුරුදු 16කදී පමණ නිදහස් මිනිසෙක් බවට පත්වන්නේය. ඒ අනුව මොවුන්ගෙන් පිරිසක් ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් ගතකොට ඇත්තේය. යුක්තිය සදහා කිසිදු සාධාරණ අවස්ථාවක් නොමැතිව පුද්ගලයින් රදවා තබාගැනීම තුළින් මේ රැදවියන්ගේ මානව හිමිකම් තවදුරටත් උල්ලංඝනය නොවිය යුතුය.

 

අප වෙත පවත්වා තොරතුරු අනුව පුද්ගලයින් 37 දෙනෙක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවකට නිදහස ලැබිය හැකි නමුත් රැදවුම්භාරයේ පසුවන නිල සංඛ්‍යාව 180 කි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් රැදවුම්නියෝගමත සිටින හෝ නඩු පවරා  ඇති පිරිස 250ක් වේ. අප රජයෙන් බලකර ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කර මෙම අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන ලෙසයි. මේ දක්වා නඩු පැවරීම් කර නොමැති සැකකරුවන්ගේ රැදවුම් නියෝග අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමු. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වසර ගණනාවක් රැදවුම්භාරයේ පසුවූ පිරිස් යම් වන්දි මුදලක් ලබාදී සමාජගත කිරීම රජය විසින් පැහැර නොහැරිය යුතු වගකීමකි.

 

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විශ්වාස කරනුයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට මෙය ඉතා සුදුසුම මෙහොත බවයි. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිධභාවය, යහපාලනය, සංහිදියාව හා වගවීම සම්බන්ධයෙන් රජයේ කැපවීම ප්‍රදර්ශනය කළ හැකි වන්නේය.

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍‍ය

2015 ඔක්තෝබර් 20

 

Start the process of repealing the PTA in parallel to the Detainees release

 

The real issue here the usage of draconian counter insurgency laws by the state to stifle political dissent and the truth of the matter is that the PTA is not sophisticated and adapted to a new context in which the war on terror in Sri Lanka is over and the global terrorism has evolved beyond the framework of the PTA.  The hunger strike of prisoners languishing in prisons for their alleged involvement with the LTTE, held under the PTA, President Maithripala Sirisena and Minister of Justice Wijayadasa Rajapakshe have both expressed their willingness to provide relief for detainees who have been held for long periods without charges under the PTA. We welcome this development and would like to tell the government that it should take concrete steps towards repealing the PTA before the detainees are released. 

 

When CaFFE and CHR commenced our initiative to compel the government to repeal this draconian law, on August 27 (ttps://goo.gl/cb9nGV) Justice Minister Rajapaksa declared that this was not a priority area for the government (http://www.dailymirror.lk/85187/no-repeal-of-pta-at-present). We are extremely happy that our continuous deliberations and externals factors have made key policy makers rethink their priorities. 

 

Almost all major political actors in the country agree that the PTA must be either repealed or amended, however hitherto no concrete action has been taken to do so. We have seen a number of politicians trying to use the hunger strike to score political points, either by acting as intermediaries between the detainees and the government or by promising solutions.  However we have not seen any concerted effort, either by the government or by opposition politicians to commence the necessary legislative process to repeal the PTA.  One of the demands is a ‘general pardon/amnesty’. While demanding that the government repeal the PTA, CaFFE and CHR never asked for a general pardon for those currently held under the PTA. Those with concrete charges against them held under the PTA should be immediately prosecuted by the government. According to our information there are detainees who have been involved in hideous crimes and they should be punished according to law. This is in the best interest of reconciliation and accountability in Sri Lanka, but it must be done under revamped counter terrorism legislation.  

 

A number of the detainees who went on hunger strike have been languishing in jail for over 10 years. The government can also explore the possibility of considering the time already spend in detention as a part of their prison sentence, in the case if they are convicted. There are five persons have been detained for 18-19 years (one since 1996 and four since 1997), there is one person who was a 17 year old with an ongoing high court case and out of 22 persons detained in 2014 under the PTA only two have been charged. In addition to this there are also a number of former child soldiers. Politicians campaigning against the release of these prisoners and the repealing of the PTA should look at themselves in the mirror and ask whether one day, the PTA could be used arbitrarily to keep them and their families in detention for about 20 years with no recourse to justice. 

 

According to the information we have received, only around 37 of the detainees are to be released and there are over 250 such individuals, although the official figure is 180. We want the government to take real and concrete action regarding those held under the PTA, it should take steps to repeal this draconian act and it must ensure that those who are currently held by it are subjected to a judicial process. Those who have been detained for no valid reason should be compensated by the government. 

 

CaFFE and CHR believe that this is the ideal time for the government to take steps to repeal the PTA and show its commitment to democracy, transparency, good governance, reconciliation and accountability. 

 

Rajith Keerthi Tennakoon

Executive Director/CaFFE and Center for Human Rights and Research (CHR) Sri Lanka

Oct. 20th, 2015

Search News & Updates
Keyword
Date
Date