CHR Reports
Given below is
a list of reports by CHR
UMAOYA Tragedy
උමා ඔය නිසා ගිලා බසින බණ්ඩාරවෙලට වැස්සට පෙර විකල්ප මාර්ග පද්ධතියක් අවශ්‍යයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

උමා ඔය නිසා ගිලා බසින බණ්ඩාරවෙලට වැස්සට පෙර විකල්ප මාර්ග පද්ධතියක් අවශ්‍යයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

2017 Aug 06

පුවත්පත් නිවේදනය

උමා ඔය නිසා ගිලා බසින බණ්ඩාරවෙලට වැස්සට පෙර විකල්ප මාර්ග පද්ධතියක් අවශ්‍යයි.  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

උමා ඔය ව්‍යාපාරය හේතුවෙන් බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ ගිලා බැසීම්, නාය යාමේ තර්ජන, මාර්ගයන් හි ඉරි තැලීම් දහස් ගණනක් පවතින බව ත්, බදුල්ල බණ්ඩාරවෙල මහා මාර්ගය ස්ථාන 5 ක් හෝ එයට වැඩි ස්ථාන ගණනාවකින් ඉදි තලා හෝ මාර්ගයට ඉහළින් පැලුම් පවතන බවත් මෝසම් වැසි සමයට පෙර බණ්ඩාරවෙලට විකල්ප ප්‍රවේශ මාර්ග සම්පදානය, අලුත්වැඩියාව සිදු කළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

දික්අරාව ජනතාව දින 2 ක් දික්අරාවේ දී බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය වසා දැමීම හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ප්‍රවේශ මාර්ග අර්බුදය පිළිබද අදහසක් රටට ලැබුණි. 

දික්අරාව මහා මාර්ගය අවහිර වූ විට භාවිත වූ විකල්ප මාර්ග සියල්ලම (කිණිගම පාර, 3 මයිල් පාර, ඇටම්පිටිය, බලගල පාර,මහඋල්පත පාර) වාහන දෙකක් මාරුවිය නොහැකි ස්ථාන ගණනාවකි.  එම එකම මාර්ගයක හෝ දිශාව දක්වන මාර්ග සලකුණුනැත.  ජනතාව අතරමං විය. වාහන නිවැරදි මාවතට  යොමු කිරීමක් සිදු නොවීය.  මිහිදු මාවත ඔස්සේ හරවා යැවූ බස් රථඅනතුරට පත් විය. (වාර්ශිකව පෙරහැර දින මේ මාර්ගයේ වාහන හරවා යවන විට එහි සුලභව අනතුරු සිදුවේ)

තවත් දින 50 කින් ඊසාන මෝසම් වැසි ඇරඹේ.  මේ වන විට ගිලිබසිමින්, පුපුරා හැලෙමින්, පස් කඩා වැටෙමින් සහ විනාඩි ගණනක වැස්සට පවා මහපොළොවෙන් දිය මතුවූ මෙම කලාපයේ නිවාස 1600 ක් ද, 15,000 කට වැඩි පිරිසක් ‘සංවර්ධන අනාථයින්‘ ද බිහි විය හැකි බව තෙන්නකෝන් මහතා පවසයි.    

පළාතේ මහා මාර්ග පද්ධතිය හල්දුමුල්ල - බෙරගල - හපුතලේ - බණ්ඩාරවෙල, ලියන්ගහවෙල-කොස්ලන්ද-පුනාගල-ඇල්ල-කිණිගම, ඇටම්පිටිය-බණ්ඩාරවෙල, සෑම තනි ප්‍රධාන මාර්ගයක් හෝ විකල්ප මාර්ග අවහිර වන්නේ නම් සැපයීම් මාර්ගයන් හි අර්බුදයක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

දෝව හරහා වැටී ඇති හාලිඇල - බණ්ඩාරවෙල හා ඇල්ල - බණ්ඩාරවෙල මාර්ග මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතී. විකල්ප මාර්ගය ඇල්ල-බොරලන්ද-කිණිගම-තන්තිරිය මාර්ගය පළාත් සභාව යටතේ පවතී.  එය ජල නල එළිම සදහා ස්ථාන 36කින් කඩා නැවත අලුත්වැඩියා කර නැත.  කානු පද්ධති නැත. 

Search CHR Reports
Date
Date
Category
Keyword