CHR Reports
Given below is
a list of reports by CHR
Anti - Racism
මුස්ලිම් ආගමික හා ව්‍යාපාරික මධ්‍යස්ථාන වලට එල්ල වූ  ප්‍රහාර පිළිබඳ වාර්තාව

මුස්ලිම් ආගමික හා ව්‍යාපාරික මධ්‍යස්ථාන වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තාව

2017 May 25

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් පසුගිය මාසයක කාලයක පුරා ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇත. 

2012-2014 අතර කාලයේ දී ද, මුස්ලිම් වාර්ගික කණ්ඩායම් හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට මෙවැනිම ප්‍රචණ්ඩක්‍රියා දිවයිනේ තැන තැන වාර්තා විය.  අලුත්ගම දී ඇති වූ වාර්ගික ගැටුම් එහි කූට ප්‍රාප්තිය විය. එදා සිදු වූ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සැසදීමේ දී මේ දක්වා වාර්තා වී ඇති ප්‍රචණ්ඩක්‍රියා වඩාත් සංවිධානාත්මක බව පෙනී යයි.  මහින්ද රාජපක්ෂ රජය සමයේ දී මෙන්ම 'යහපාලන රජය' යටතේ ද, වෛර භාෂාව පැතිරවීම හා ප්‍රහාර සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ආගමික නිදහස සම්බන්ධයෙන් පුරවැසියන් සතු අයිතිය සුරක්ෂා කළ යුතු බව දැඩිව අවධාරණය කරයි. ආගම විශ්වාසයන් හේතුවෙන් පීඩාවට පත් නොවී සිටීමටත්, ගැටුම්වලින් ආරක්ෂාවීමටත් සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත. අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත්, බිය සැක දුරු කිරීමත් රජයේ වගකීමකි.  කාලීන අවශ්‍යතාවයකි. 

කතෝලික නොවන ක්‍රිස්තියානි ආගමිකයින්ගේ දෙනියාය, ඉංගිරිය , දෙවුන්දර, වව්නියා  දේවස්ථාන/මධ්‍යස්ථාන කිහිපයක් වෙත ද, පසුගිය දින 40 තුල ප්‍රහාර එල්ලවී ඇත.  'බහුතරය විසින් සුළුතරය මත බිය මානසිකත්වයක් ඇති කිරීමේ ස්වභාවයක්' මෙම ක්‍රියාවලිය තුල පවතී. 

දේපල අලාභ කිරීම්, අත් බෝම්බ, ගිණි තැබීම්, තර්ජනය කිරීම්, අයුතු ජන රාශිය, වෛරය පැතිරවීම මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කොට සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා අතර මුලික වේ.

 

සිවිල් ක්‍රියාකාරීත්වය

මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ආගමික හිංසාවන් සිදු වන විට සිවිල් සමාජය ක්ෂණිකව එයට පිළිතුරු දී මැදිහත් විය.  නමුත්, සිංහල-දෙමළු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මසකට වැඩි කලක් ක්‍රමිකව, අඛණ්ඩව හා ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය සැහැසික වන තෙක්ම, එම සිදුවීම් හෙළා දැකීමට හෝ සංවිධානාත්මක ලෙස එයට විරෝධය පළ කිරීමට සිවිල් සංවිධාන ඉදිරිපත් නොවීම කැපී පෙනුනි.

ශ්‍රී ලංකාව පුරා ආගම පදනම් කොට ගෙන වෛරී ආකල්පයන් පැතිරෙමින් යන අවස්ථාවක සෑම ආගමිකයින්ගේම නිදහස හා ආරක්ෂාව තහවුරු කිරීම රජය සතු ප්‍රමුඛ වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. 

(සිදුවීම් වල දින වකවානු සහ සිදුවූ ප්‍රදේශ සහ ස්වභාවය ඇතුළත් සම්පූර්ණ වාර්තාව සඳහා මෙහි PDF ඇමුණුම බාගත කරගන්න)

Search CHR Reports
Date
Date
Category
Keyword